විනිශ්චය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි: ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය වේගවත් කර අනාගතය යහපත් කිරීම

නඩුවක් ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි. මේ සරල නමුත් ගැඹුරු සත්‍යය මේ වන විට ශ්‍රී ලංකාවට විසඳා ගැනීමට අසීරු බරපතළ ප්‍රශ්නයක්ව තිබේ. ශ්‍රී ලංකාවේ සියලු උසාවිවල විසඳීමට ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව ලක්ෂ 11කට (මිලියන 1.1 කට) අධික බව පසුගියදා අපේ අධිකරණ අමාත්‍යවරයාම පාර්ලිමේන්තුවේ දී පැවසීය. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ විශාල ප්‍රමාදයක් ඇති බව ඔහු පිළිගනියි. එයට හේතු ගණනාවක්ම ඇති බව පැහැදිලි ය. සම්පත් හිඟය ඉන් ප්‍රධානය. සම්පූර්ණ කාර්ය මණ්ඩල හිඟය මේ වන විට 6000කට වැඩිය. මූලික අධිකරණවල පමණක් විනිසුරු පුරප්පාඩු 75කි. ඉඩකඩ නැතිකම විශාල අඩුපාඩුවකි. ඒවා හැකි ඉක්මනින් සපුරාලන්නට දැනටමත් කටයුතු අරඹා ඇති බවත් ඔහු එහිදී කීවේය. එහෙත් ‍මේ තරම් ගොඩ ගැසී ඇති විශාල නඩු සංඛ්‍යාවක් එකවර ගොඩ දැමීම කළ නොහැක්කකි. ඒ සඳහා නව උපායමාර්ග සැකසිය යුතුය. මේ ලිපියෙන් ඒ පිළිබඳ විමසුමක් කෙරෙයි. 

මහේස්ත්‍රාත් අධිකරණවල පමණක් ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව ලක්ෂ අටකට වැඩිය. වානිජ අධිකරණයට විසඳීමට ඇති වාණිජ ගැටළු 💼 ගණන 6,146කි. මහාධිකරණවල පමණක් විසඳීමට ඇති අපරාධ නඩු 🚔 ගණන 27,324කි. මේ ආකාරයට හැම අධිකරණයකම විනිශ්චය සඳහා ‍ගොඩ ගැසී ඇති නඩු පුරවැසියන්ට විශාල බරකි. ශ්‍රී ලංකාවට මේ මහා අර්බූදයෙන් මිදිය හැකිද? ලෝකයේ සාර්ථකත්ව උදාහරණ 🌍 අනුගමනය කරමින් අපට වේගවත් සහ කාර්යක්ෂම විනිශ්චය ක්‍රමයක් නිර්මාණය කළ හැකිද? අපි ඒ ගැන සොයා බලමු 

🚨 මහා අර්බූදය: එහි බරින් මිරිකුණු අධිකරණ පද්ධතිය 2024 වන විට, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය අධික පරිමාවක නඩු ප්‍රමාදයකට මුහුණ දී සිටියි. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව තුළද පැවරීමට ඇති නඩු ගොනු ද ගොඩ ගැසෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමත නීති නිලධාරින් ගණන 459ක් වුවත් ඇත්තේ 209ක් පමණයි. නඩු පවත්වාගෙන යාමට අධිකරණයේ පෙනී සිටින්නට ඉඩ ඇත්තේ එයිනුත් කොටසකට පමණය. මුල් අවස්ථාවේ අධිකරණවල පමණක් විනිසුරු පුරප්පාඩු 75ක් පවතියි. ⚖️. එය විශාල අඩුපාඩුවකි. අධිකරණ පුහුණු වැඩසටහන් 📚 ආරම්භ කර තිබුණද, නඩු ගණන සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. 

මෙය පරිපාලන ගැටලුවක් පමණක් ම නොවේ; සමාජ ගැටලුවකි. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකුට, නඩුවක් කියන්නේ වසර ගණනක් අවිනිශ්චිතව ගෙවිය යුතු මූල්‍යමය අපහසුතා 💰 සහ මානසික පීඩනය 😞 පිරුණු කාලයකි. වානිජ අධිකරණ විනිශ්චය පමා වීමෙන් කුඩා ව්‍යාපාර පීඩාවට පත් වේ. ඒ පවුල්වල අයට ජීවත්වීම සඳහා අනවරත අරගලයකට මුහුණ දිමට සිදුවෙයි. අපරාධ නඩු තීන්දු සඳහා ද අවුරුදු ගණනක් බලා සිටීමට සිදුවෙයි. මෙය එක් අතකට මානව අයිතිවාසිකම් උල්ලංඝණයට ඉඩ දී බලා සීටිමක් බඳු ක්‍රියාවකි. 

🚀 චක්‍රය බිඳ හෙළීම : ලෝකයේ වේගවත් විනිශ්චය ක්‍රම 

ශ්‍රී ලංකාවේ අභියෝගය දැඩි වුවද, අනිකුත් රටවල් සාර්ථකව මෙවැනි ගැටලු විසඳා ගෙන තිබේ. ඉන්දියාවේ ඩිජිටල් අධිකරණය 💻, කෙන්යාවේ මොබයිල් අධිකරණය 🚌, සහ නයිජීරියාවේ ප්ලී-බාර්ගේනින් ⚖️ යන මූලික ක්‍රම සමඟින් මෙම ගැටලුවට විසඳුම් සොයා ගෙන ඇත. මෙහි දී නයිජීරියාවේ ක්‍රියාවට නැංවූ ප්ලී-බාගේනින් (plea-bargaining) හෙවත් වරද පිළිගෙන විසඳුමකට ඒමට අදාළ ගිවිසුම යනු ප්‍රචණ්ඩකාරී ගණයට නොවැටෙන චෝදනා ඇති අයට වරද පිළිගැනීමට කැමති නම් නඩුව විභාගයට ගත් දිනයේ ම සුළු දඬුවමක් දී හෝ අවවාද කර නිදහස් කර හැරීම හෝ කරන නඩුව මඟ හැර යාමේ ක්‍රමවේදයකි. එයින් කාලයත් රජයේ වියදමත් ඉතිරි වෙයි.

1️⃣ ඉන්දියාවේ ඩිජිටල් අධිකරණය: E-නඩු ගොනුකිරීම සහ මාර්ගගත ක්‍රම විනිශ්චය 

2018 දී ඉන්දියාවේ නඩු ප්‍රමාදය මිලියන 30 ට ආසන්න විය. 2020 දී ආරම්භ කළ E-අධිකරණ ව්‍යාපෘතිය තුළින් 🏛️ නඩු පද්ධතිය ඩිජිටල් කරනු ගැබීය. ඉන්පසු E-නඩුගොනුකිරීම 📄 සහ මාර්ගගත ක්‍රමයෙන් විනිශ්චය 🎥 ආරම්භ කෙරිණ. මේ ක්‍රමය ආරම්භ කිරීමෙන් පසු 2021-2023 අතර කාලයේදී මිලියන 10 කට අධික නඩු මාර්ගගතව විසඳා ඇත. 

✅ ශ්‍රී ලංකාව සඳහා විසඳුම: 

• ස්වයංක්‍රීය නඩු නිරීක්ෂණ පද්ධතිය 📊 ක්‍රියාත්මක කිරීම. 
• දැනට පනත් මට්ටමේ ඇති නීති වහා බලාත්මකකරණයට ⚖️ගෙන ඒම. 
• මහා අධිකරණ අභියෝග සඳහා මාර්ගගත විනිශ්චය ක්‍රමය 🎦 හඳුන්වාදීම. 
• වාණිජ නඩු සඳහා E-ගොනුකිරීම 📄 අනිවාර්ය කිරීම. 

2️⃣ කෙන්යාවේ මොබයිල් අධිකරණය: ජංගම විනිශ්චය සභා 

2016 දී කෙන්යාවේ මොබයිල් අධිකරණ 🚐 ආරම්භ කළ අතර, එමගින් ඈත ප්‍රදේශවල ප්‍රමාද වූ නඩු 40% කට වැඩි ප්‍රමාණයක් අවසන් කළ හැකි විය. 

✅ ශ්‍රී ලංකාව සඳහා විසඳුම: 

• ඈත ප්‍රදේශ සඳහා මොබයිල් අධිකරණ 🚎 ක්‍රමය හඳුන්වාදීම. 
• දැනට යෝජිත මහාධිකරණ ⚖️ ඉක්මනින් ආරම්භ කිරීම. 
• ප්‍රාදේශීය නඩු ශීඝ්‍රව නිරාකරණය කිරීම සඳහා විශේෂ නඩු කාර්ය සාධකයන් පිහිටුවීම. 

3️⃣ නයිජීරියාවේ ප්ලී-බාගේනින්: අපරාධ නඩු වේගවත් කිරීම 

2017 දී නයිජීරියාවේ ප්ලී-බාගේනින් ක්‍රමය ⚖️ හෙවත් වරද පිළිගෙන විසඳුමකට ඒමට අදාළ ගිවිසුම හඳුන්වාදීමෙන් නඩු පමණක් 50% කින් ඉතා වේගයෙන් විසඳා ගත හැකි විය. 

✅ ශ්‍රී ලංකාව සඳහා විසඳුම: 

• ප්ලී-බාගේනින් ක්‍රමය 📜 මෙරටට ගැළපෙන පරිදි හඳුන්වාදීම. 
• නීතිඥයින්ට විශේෂ පුහුණු වැඩසටහන් 🎓 ලබාදීම. 
• ප්ලී-බාගේනින් ක්‍රමය සඳහා විශේෂ අධිකරණ පිහිටුවීම 🏛️. 

4️⃣ පිලිපීනයේ විකල්ප විනිශ්චය ක්‍රමය (ADR) 

2018 දී ඇරඹුණු පිලිපීනය විකල්ප විනිශ්චය ක්‍රමයක් ලෙස බාරන්ගායි යුක්ති පද්ධතිය (Barangay Justice System) ඇරඹීය. ඒ යටතේ අධිකරණ ක්‍රියාමාර්ගවලට නොගිහින් මධ්‍යස්ථතා සභාවක් මගින් නඩු සමථයකට කර ගෙන ඇත. සිවිල් නඩු 65% කට වැඩි ප්‍රමාණයක් මේ බාරන්ගායි මැදිහත් වීම හරහා විසඳා ගෙන ඇත. මෙය අපගේ සමථ මණ්ඩලවලට සමාන ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාවලියකි. 

✅ ශ්‍රී ලංකාව සඳහා විසඳුම: 

• සියලු සිවිල් නඩු සඳහා මධ්‍යස්ථතා සභා පද්ධතිය 🤝 අනිවාර්ය කිරීම. 
• නඩු විනිශ්චයකට පෙර මධ්‍යස්ථතා සභා මගින් උපදෙස් ලබාදීම. 

💡 අධිකරණ නිලධාරීන් වැඩි කිරීම අධිකරණ පුහුණු වැඩසටහන් 

2019 දී ආරම්භ කළ දකුණු අප්‍රිකාව නව විනිශ්චය සභා 150ක් ලබාදිය හැකි වන සේ මහාධිකරණ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළේය. 

✅ ශ්‍රී ලංකාව සඳහා විසඳුම: 

• නව නීති උපාධිධාරීන් සඳහා වේගවත් පුහුණු වැඩසටහන් 🎓 ක්‍රියාත්මක කිරීම. 
• විශ්‍රාමික විනිසුරුන් පිරිවැයකින් තොරව නැවත සේවය සඳහා ආරාධනා කිරීම. 
• මහාධිකරණ නියෝජිතයින් වැඩි කිරීම.

🏆 නිගමනය: අධිකරණ පද්ධතිය නව මානයකට ගෙන යාම ශ්‍රී ලංකාව සිටින්නේ දැන් තීරණාත්මක මංසන්ධියකය. තව දුරටත් නඩු ප්‍රමාදය මෙසේ දිගු වීමට ඉඩ දිය නොහැක. නමුත්, ඩිජිටල් විනිශ්චය, මොබයිල් අධිකරණ, ප්ලී-බාගේනින්, විකල්ප විනිශ්චය ක්‍රමය (ADR) සහ අධිකරණ පුහුණු වැඩසටහන් හරහා මෙයට විසඳුම් ලබා ගත හැකිය. 

විනිශ්චය ප්‍රමාද කළ නොහැක. ප්‍රතිසංස්කරණය දැන්ම අවශ්‍යය! ⏳⚖️

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments