මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ කාලවල දී ඔවුන්ගේ සුරතලෙකු වශයෙන් ව්‍යවසායක දිලිත් ජයවීර කොටස් වෙළඳ පොළේ දමාපු සෙල්ලම් කීපයක් පසුගියදා ලංකා ඊ නිවුස් හී විශේෂ ලියුම්කරුවකු විසින් ලියා තිබුණා. ඔහු එදා වෙළෙඳ ලෝකය ජයගන්න පටන් ගත් කාලේ සේරිවානීජයකු වශයෙන් ඔහු කළ කී දැ දැන් වැඩක් නැතැයි ඒවාට උඩගෙඩි දෙන්නකු කියන්නට බැරිකමක් නැත. එහෙත් අද ඔහු දේශපාලන බලවේගයක් වීමට පක්ෂයක් අටවා ගෙන ඇවිත් සිටින නිසා ඔහු කළ කී දෑ ගැන උනන්දුවෙන් විමසා බැලීමට රටේ පුරවැසියන් හා ව්‍යවසායකයන් යොමු කිරීම අවශ්‍ය යැයි සිතන නිසා ඒ ඊ නිව්ස් ලිපිය සම්පූර්ණයෙන් ම මෙසේ උපුටා දක්වමු.
දිලිත් ජයවීර කොටස් වෙළඳ පොලේ කළ වංචනික ගණුදෙනුවලින් බිඳක් මෙන්න..! තක්කඩියාගේ තරම දැන ගන්න..!!
(ලංකා ඊ නිව්ස් -2025.) වසරේ 2011 මැයි මස 20 වන දින Citrus Leisure PLC සමාගම විසින් රුපියල් බිලියන 1.4 මුදලක් Citrus Kalpitiya Pvt Ltd පුද්ගලික සමාගමෙහි ආයෝජනය කිරීම සඳහා දිලිත් ජයවීර විසින් ලබා ගත්තේ ය. සමාගම් දෙකම දිලිත් ජයවීර විසින් පාලනය කරන සමාගම් ය. එම මුදල Citrus Kalpitiya Pvt Ltd පුද්ගලික සමාගමෙහි ආයෝජනය නොකර එම මුදල ඇපයට තබා දිලිත් ජයවීරට අයත් දැන්වීම් සමාගමක් වන Emage Wise Pvt Ltd සමාගම මගින් Colombo Land & Development Company PLC සමාගමෙහි සුරැකුම් පත් කොටස් මිලියන18 ක් රුපියල් 20 බැගින් ණයට මිලදී ගන්නා ලදී.
එම ගනුදෙනුවෙහි වටිනාකම රුපියල් 3,600,000,000 . 00 වෙයි. නමුත් මෙහිදී සුරැකුම්පත් කොමිසමෙන් දින 7ක කාලයක් ණය පියවීමට ලබා දෙන බැවින් කිසිදු මුදල් හුවමාරුවක් දිලිත් ජයවීර නොකළ අතර මෙය ණයට කරන ලද ගනුදෙනුවකි.
එසේ 2011 මැයි 20 දින රුපියල් 20කට Emage Wise Pvt Ltd පුද්ගලික සමාගම මිලදී ගත් කොටස් සුරැකුම්පත් කොටස් මිලියන 18 න් සුරැකුම්පත් මිලියන 3.8 ක ප්‍රමාණයක් මුරාඩ් ඉස්මයිල් වෙත රුපියල් 38.50 ක් බැගින් දිලිත් ජයවීර විසින් විකුණන ලදී. මුරාඩ් ඉස්මයිල් යනු දිලිත් ජයවීරගේ ගෘහ නිර්මාණ ශිල්පියා ය. ඒ අනුව රුපියල් 138,700,000 . 00 ලාබයක් දිලිත් ජයවීර විසින් උපයා ගන්නා ලදී (38.5 X 3800000 =146,300,000 . 00) (3800000 X 20 = 7,600,000 . 00) (146,300,000 . 00 - 7,600,000.00 =138,700,000.00)
මෙම 2011-05-20 දින රුපියල් 20 බැගින් Colombo Land & Development Company PLC සමාගමේ 24 % කොටස් ප්‍රමාණයක් මිලදී ගෙන තිබුනේ දිලිත් ජයවීරට අයත් පුද්ගලික සමාගමක් වන Emage Wise Pvt Ltd පුද්ගලික සමාගමෙහි නමින්ය.
එම Emage Wise Pvt Ltd පුද්ගලික සමාගම වර්ෂ 2011-5-20 වන දින දිලිත් ජයවීර පෙර රුපියල් 20 බැගින් මිලදී ගත් කොටස් නැවත කොටසක් රුපියල් 43.50 බැගින් Citrus Kalpitiya Pvt Ltd සමාගම වෙත 2011-06- 02 දින විකුණා රුපියල් මිලියන 412 ක ලාබයක් දිලිත් ජයවිර ලබා ගන්නා ලදී.
එදිනම එනම් වර්ෂ 2011-06-02 වන දින මුරාඩ් ඉස්මයිල් 2011 මැයි 02 වන දින රුපියල් 38.50 බැගින් Emage Wise Pvt Ltd පුද්ගලික සමාගමෙන් මිලදි ගත් සුරැකුම්පත් මිලියන කොටස් 3.8 ක් Citrus Kalpitiya Pvt Ltd සමාගම වෙත කොටසක් රුපියල් 43.50 බැගින් විකුණා දැමීය. මේ අනුව මුරාඩ් ඉස්මයිල් විසින් 2011 මැයි මස 25 වන දින රුපියල් 38.50 මිලදි ගත් කොටස් 2011-06-07 රුපියල් 44 බැගින් විකුණා දින 7 ක් තුල රුපියල් 20,900,000.00 උපයා ගන්නා ගන්නා ලදී.
මේ අනුව Citrus Leisure PLC සමාගමේ වර්ෂ 2011 මැයි මාසයේ ලබා ගත් රුපියල් බිලියන 1.4 එකවර ආයෝජනය කරනු වෙනුවට එම මුදල Emage Wise Pvt Ltd නමින් ඇපයට තබා Colombo Land & Development Company PLC සමාගමේ 2011-05 20 රුපියල් 20 ට ගත් කොටස් මිලියන 18 ක් 2011 ජුලි මස 02 වන දින නැවතත් රුපියල් 43.50 බැගින් කොටස් මිලියන 18 ක් සහ රුපියල් 44 බැගින් කොටස් මිලියන 3.8 ක් Citrus Kalpitiya Pvt Ltd සමාගමට විකුණා රුපියල් මිලියන 432 ක ලාබයක් දිලිත් ජයවීර ඔහුගේ සාක්කුවට දාගෙන ඇත.
ඉන් පසුව දිලිත් ජයවීර විසින් Colombo Land & Development Company PLC සමාගමෙහි 24 % කොටස් ප්‍රමාණයක් මිලදී ගනිමින් එහි සභාපතිවරයා ලෙස නාලක ගොඩහේවා පත් කරන ලදී. එම සමාගමේ අනිකුත් අධ්‍යක්ෂකලා වූයේ දිලිත් ජයවීර, යූ. එම්. එම්. අලි සබ්‍රි, සී. කේ. එම්. දෙහරගොඩ සහ තවත් කිහිප දෙනෙකුය.
සුරැකුම්පත් කොමිෂන් සභාවෙන් දිලිත්ට එරෙහි පරීක්ෂණ..
මෙම සොරකම සම්බන්ධයෙන් එවකට සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිනිව සිටි ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය විසින් පරීක‍්ෂණයක් සිදුකරන ලදී. එම පරීක‍්ෂණය යට ගැසීමට දිලිත් ජයවීර සහ ඔහුගේ හොර නඩය ඉතා බලසම්පන්නව ක්‍රියා කළහ. ඉන් පසුව ඉන්ද්‍රානි සුගතදාස ඉවත්වී එම තනතුර සඳහා පත් කරනු ලැබුවේ තිලක් කරුණාරත්න ය.
තිලක් කරුණාරත්න ද දිලිත් ජයවීරගේ සොරකම පිලිබඳ නැවත පරීක‍්ෂණයක් සිදු කෙළේ ය. ඒ අනුව එම පරීක‍්ෂණයේදී රුපියල් මිලියන 432 න් උපයාගත් ආකාරයට මෙන්ම ඊට පෙර ද රුපියල් බිලියන 3 ක් දිලිත් ජයවීර විසින් සුරැකුම් පත් සභාව යටතේ පාලනය වන කොටස් වෙළෙඳපොළෙන් වංචනිකව සොරකම් කර ගෙන තිබෙන බව ආනාවරණය විය.
මෙහිදී දිලිත් ජයවීර සිදුකර ඇත්තේ සුරැකුම්පත් වෙළඳපොළ වංචාකාරී ලෙස මෙහෙයවා කොටස් වෙළඳ පොළෙහි ආයෝජනය කරන දුප්පත් මිනිසුන්ගේ මුදල් රු බිලියන 3 කට අධික මුදලක් වංචනිකව ලබා ගැනීමයි. මෙය දෙවැනි වන්නේ බැඳුම්කර වංචාවට පමණක් විය හැකිය.
ඒ අනුව තිලක් කරුණාරත්න විසින් දිලිත් ජයවීරට විරුද්ධව නීති මගින් කටයුතු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යැවීමට SEC/INV/18/10/241 යන අංකයෙන් යුතුව ගොනුවක් සකසා වර්ෂ 2012 අගෝස්තු මස දී පමණ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් සඳහා යොමු කෙළේ ය.
නීතිපති දෙපාර්තමේන්තුවේ දී මෙම ගොනුව අධීක‍්ෂණය කරනු ලැබුවේ දිලිප පීරිස් විසිනි. එම දිලීප පීරිස්ගේ දුරකථන අංකය පරීක‍්ෂා කිරීමෙන් දිලිත් ජයවිර හා දිලීප පීරිස් අතර කෙතරම් කුළුපග සම්බන්ධයක් තිබේද යන්න සොයා ගත හැකිය.
දිලීප පීරිස් ලා ද එක එක අවස්ථාවලදී එක එක නාටක රඟපාන්නෝ වෙති. තමාට විරුද්ධව සිදුවන නීති කටයුත්ත දැනගත් දිලිත් ජයවීර ඊට බලපෑම් කොට වර්ෂ 2012 අගෝස්තු මස 17 වන දින තිලක් කරුණාරත්න මහතාට ද සිය ධූරයෙන් අස්වීමට වැඩ සිද්ධ කෙළේ ය.
ඉන් පසුව සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කරනු ලැබුවේ වර්ෂ 2011 ජුලි මස 02 වන දින සොරා ගත් මුදලින් Colombo Land & Development Company PLC සමාගමෙහි සභාපති ලෙස පත් වු නාලක ගොඩහේවා ය. පසුව ගෝඨාභයගේ ආණ්ඩුවේ ඇමැතිවරයෙකු වී 'නාලක කැස්බෑහේවා' කියා නමක් හැදුනේ ද ඔහුට ය.
තවමත් නීතිපති දෙපාර්තමේන්තුවේ තිබේ නම් දිලිත් ජයවීරගේ සොරකම් ගැන තිලක් කරුණාරත්න යොමු කළ ලිපි ගොනුවේ අංකය SEC/INV/18/10/241 බව මතක තබා ගන්න. මෙහි දැක්වෙන ඉමේජයෙන් ගණුදෙනුවේ තක්කඩිකම මැන ගත හැකිය. අද මහා ලොකුවට ව්‍යවසායක රාජ්‍ය ගැන කතා කරන්නේ මෙවැනි තක්කඩියෙකි.
-විශේෂ ලියුම්කරුවෙකු විසිනි
(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)
0 Comments