🗓️ 2025 මැයි 14
"සාගරයෙන් වට වී ඇති රටකට ලුණු හිඟයක් ඇති නොවියයුතුයි."
________________________________________
🧂 ලුණු කතාවේ තිත්ත ඇත්ත!
2025 දී ශ්‍රී ලාංකිකයන්ට ලුණු කිලෝවක් සඳහා රු. 400ක් දක්වා මුදලක් ගෙවීමට සිදුවි තිබේ. ලුණු කියන්නේ ස්වභාවිකව වැඩි පිරිවැයක් නැතිව නිපදවා ගත හැකි, එසේම අප හැම දෙනාටම පහසුවෙන් මිල දී ගත හැකි, පොදු, එමෙන්ම ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. නමුත් අපේ ස්වාභාවිකව ලබා ගත හැකි වාසි භාවිතා කිරීම වෙනුවට, අපට ගත වූ වසරේ ලුණු ටොන් 30,000ක් ආනයනය කිරීමට සිදු විය. මෙරට වෙළඳ පොළේ ලුණු කිලෝවක මිල හතර ගුණයකින් ඉහළ යාමට විධියක් නැත. එහෙත් මුලින්ම ලුණු හිඟයක් ඇති විය. ඊළඟට ශ්‍රී ලාංකික වෙළෙන්දා කළේ සුපුරුදු පරිදි බොරදියේ මාළු බෑමය. එනම් එකවරම මිල ඉහළ දැමීමය. කළ යුතුව තිබුණේ ලුණු තොග ලැබෙන තෙක් වෙළඳපොළ පාලනය කර ගැනීමයි. එය අවසානයේ රජයට චෝදනා කිරීමට ඔවුහූ යොදා ගත්හ. ප්‍රශ්නය ඇති වූයේ ලුණු නොමැතිකමක් නිසා හෝ නිෂ්පාදනයේ අඩුවක් නිසා නොවේ — එහි ඇත්තේ කළමනාකරණ ගැටලුවක්.
ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා කියන්නේ කාල ගුණික විපර්යාස හේතුවෙන් පසුගිය හයමාසය තුළ ලුණු ඇටයක්වත් නිපදවා නැති බවයි. ජලගැලීම් නිසා ලුණු ලේවායන් විනාශ වීමක් සිදුවුණා. ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය මුළුමනින් ම හිරු එළියෙන් සිදු කෙරෙන්නක් නිසා ලුණු බිම්වලට එක දිගට දින 45ක්වත් හිරු එළිය වැටෙන්න ඕනෑ. ඒත් මින් පෙර නොවූ ආකාරයට අඛණ්ඩව වැසි ලැබීමත් වැසි ජලයෙන් ලේවායන් පිරීයාමත් ගංවතුර නොබැස තිබීමත් නිසා ලුණු සෑදීමේ ක්‍රියාවලිය මුළුමනින් ම බිඳ වැටුණා. ලුණු හිඟය පිළිබඳ ගැටලුව උග්‍ර වූයේ ඇතැම් වෙළඳුන් අධික මිලට පසුව විකිණීමේ අරමුණෙන් ලුණු තොග සඟවා ගැනීමයි.ඊට අමතරව වෙළඳ පොළේ තිබූ ඒවා පවා පාරිභෝගිකයන් විසින් අනවශ්‍ය ලෙස මිල දි ගෙන රැස් කරන්නට පෙලඹීමත් සමඟ ලුණු හිඟය අනවශ්‍ය තැනකට තල්ලු කෙරුණා.අනික් අතට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විධියට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ලුණු පරිභෝජනය සාමාන්‍යයෙන් තිබිය යුතු මට්ටමට වඩා දෙගුණයක්, එනම් දිනකට ග්රෑම් 10ක්. අධිරුධිර පීඩනය, හෘදරෝග, වකුගඩුරෝග ආදියෙන් තොරව නිරෝගීව සිටීමට නම් එක් අයකු දිනකට ගත යුත්තේ ග්රෑම් 5ක් පමණයි.ඒත් අපේ සෞඛ්‍ය අංශ අවසර දී තියෙනවා, දිනකට ග්රෑම් 7ක් දක්වා යන්නට. අනාගතයේ දී මෙවැනි ලුණු හිඟයක් නොවන්නට නම් සියලුදෙනාම එක්ව ඒ සඳහා පියවර ගන්න ඕනෑ. අමාත්‍ය මණ්ඩලය මේ ලුණු හිඟයට පිළියමක් වශයෙන් ලුණු ගෙන්වීමට දැන් අවසර දී තිබෙනවා.
ඉදිරියේ දී මෙවැනි තත්වයක් ඇති වීම වැළක්වීමට අනාගතයේ දී ගතයුතු පියවර මොනවාද?
ශ්‍රී ලංකාව වටේ ම සාගරය තියෙනවා; සූර්යයා පායනවා; ජනතාව ඉන්නවා. අපට අවශ්‍ය ඇත්තේ දැන් හොඳින් විධිමත් සංවිධානයට කළ, නවීන, නිෂ්පාදන පද්ධතියක්.
ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන යා හැකි ලුණු ගැන මීට වඩා ගැඹුරෙන් සිතන්න ඕනෑ. අපි ලුණුවලට අගය එකතු කොට, ලෝකයට බොහෝ සෙයින් අවශ්‍යම නවෝත්පාදන කර්මාන්තයක් බවට පත් කළ යුතුයි.
අපට පිටරටින් ගෙන්න නෙවෙයි, අපට අවශ්‍ය තරම් නිපදවා ගෙන, අපේ දැන් පවතින විනිමය අර්බූදයට විසඳුමක් ගෙනා හැකි ලෝක අපනයනයෙන් පංගුවක් අත්පත් කර ගතහැකි නිෂ්පාදනයක් බවට ලුණු පත් කර ගන්න ඕනෑ. ________________________________________
📍 ශ්‍රී ලංකාවට ලුණු ලැබෙන්නේ කොහොමද?
ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය සිදුවෙන්නේ මූලිකවම සූර්ය ශක්තිය යොදවා ගෙන වාෂ්පීකරණය හරහායි. "ලුණු ලේවායන්" (salterns/saltpans) ලෙස හැඳින්වෙන වෙරළබඩ ලුණු ‘වගා බිම්‘ වලින්. මෙය සාගර ජලය පසෙකට එක් රැස්කර එහි ජලය ලුණු නිෂ්පාදන බිම්වල රඳවා තබා ගෙන, ඒ ජලය සූර්ය ශක්තියෙන් වාෂ්පීකරණය කර අන්තිමට ලුණු ලබා ගන්නා සරල නිෂ්පාදන ක්‍රියාවලියකි.
🔸 ප්‍රධාන ලුණු නිෂ්පාදන ප්‍රදේශ:
• පුත්තලම – විශාලතම හා ජනප්‍රියතම. Lanka Salt Ltd සහ පෞද්ගලික සමාගම් විසින් කළමනාකරණය කෙරේ. ජාතික නිෂ්පාදනයේ 60%කට වඩා නිපදවන්නේ මෙතැනින්.
• හම්බන්තොට (පලටුපාන, බුන්දල) – ඉතා උච්ච ලවණ තත්වයක් සහ සූර්ය ආලෝකය සහිතයි. 50 වසරකට වඩා පුරාණ ඉතිහාසයක් ඇති තැනකි. සංචාරක ආකර්ෂණ ලෙස ද වැඩි දියුණු කළ හැකි තැන්වේ.
• මන්නාරම (තලේමන්නාරම, අරිප්පු) – පසුගිය කාලයේ යුද්ධය හේතුවෙන් නිෂ්පාදනය අඩාල වී ගියත් යළිත් නඟා සිටුවිය හැකි විශාල විභවයකින් යුතු තැනකි.
• යාපනය (අලිමංකඩ) – සම්ප්‍රදායික පැරණි ලුණු භූමියක්, දැන් යළි ප්‍රතිව්‍යුහගත කරමින් පවතී.
• ත්‍රිකුණාමලය හා කල්පිටිය – කුඩා පරිමාණ නිෂ්පාදන ස්ථානයි. එහෙත් වඩාත් පුළුල් කොට ඵලදාව ලැබිය හැකි ස්ථාන බවට පත් කර ගත හැකිය..
මේවායේ ඇති වාසි අවාසි කෙසේ වෙතත් ඒවාද, බොහෝ දුරට නිෂ්පාදන පිරි වැය අධික, කාලයට නොගැළපෙන තත්වයට පත්ව ඇත. බොහෝ විට යටි පෙළ ආවරණ නැති නිසා මේ ලුණු බිම්වල වාෂ්පීකරණය අඩු වී ඇත.
එසේම ලුණුවල ගුණාත්මක භාවය ද පහළ යමින් ඇත. තවමත් දැඩි ලෙස කායිකව වෙහෙසෙමින් දුෂ්කර තත්වයන් යටතේ පවතින ඒවාය. සේවකයන්ට ඉතාමත් අසාධාරණ තත්වයන් හා අයුතු සිමාවන් යටතේ වැඩ කිරීමට සිදුවි තිබේ. මේවායේ පරිසරය හා ලුණු තැනීමේ ක්‍රමවේදයන් නවීකරණය කළ යුතු වෙයි. ________________________________________
❌ මේ ලුණු වගාබිම්වල කටයුතුවලට පවතින බාධා මොනවාද?
• පරිසරය තවමත් කෙතරම් හිතකර වුනත් නිසි ලෙස වැටි යොදා නැති පද්ධති එමටය. මේවයේ භාවිත මෙවලම් යල් පිනූ ඒවාය. ජල වාෂ්පීකරණ කටයුතු අඩාලය.
• මේවායේ පවතින කාර්මිකකරණ කටයුතු යවත්කාලීන කිරීමක් සිදු කර නොමැත. ලුණු අස්වනු එක් රැස් කිරීමට, අයඩීකරණය කිරීමට, පැකට් කිරීමට අවශ්‍ය යන්ත්‍රෝපකරණ කිසිවක් ඒ ආසන්නයේවත් නැහැ. සේවක පහසුකම් ඇත්තේ ද ඉතාමත් පහත් මට්ටමකය.
• විශාලතම ගැටලුව ඇත්තේ ප්‍රවාහනයේය. හම්බන්තොට, මන්නාරම වැනි ඉතා දුර බැහැර ස්ථානවල සිට පිරිසිදු කිරීමට, අගය එකතු කිරීමට කර්මාන්තශාලවලට – ලුණු රැගෙන ඒමද වියදම ඉතා අධිකය. ඒ සඳහා වැඩි කාලයක් ද ගත වේ. මේ නිසා පිරියම් කර ඇසුරුම් කිරීමට පෙර විශාල නාස්තියක් ද සිදුවේ.
• සිතියම් ගතකර නැති නිසා නීතිමය වශයෙන් නිශ්චිත භූමියක් නැත – එබැවින් නිසා ආයෝජන හඳුනාගැනීමට අපහසුය.
______________________________________
🛠️ අපේ ලුණු වගා බිම් යළි මතු කර ගනිමු!
අපට අවශ්‍යව ඇත්තේ යාවත්කාලීන කර ගැනීමක් පමණයි! අලුතින් පටන් ගැනීමක් නොවෙයි.
1.කඩිනමින් සෑම ලුණු ලේවායක්ම සිතියම් ගත කිරීම – ඒ සඳහා චන්ද්‍රිකා තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්‍ෂණය භාවිතා කර ගත හැකිය.
2. ලුණු එකතු කිරීමට යොදා ගන්නා බිම් මතුපිට ආස්තරණය පොළොවට ජලය උරා නොගන්නා ආකාරයට නවින ක්‍රම අනුව සකස් කර ගතයුතුය. එහි වාෂ්පීකරණ කාර්යක්ෂමතාව 30–40% කින් වැඩි කර ගත හැකිය.
3. ලුණු නිෂ්පාදනය කාර්යයට නව යන්ත්‍රෝපකරණ එකතුකළ යතුය. අතින් අදින රේක්ක වෙනුවට යාන්ත්‍රික ඒවා යොදා ගත හැකිය. ලවණ ජලය ලුණු වලා බිම්වලට ගලා ඒම ඉක්මන් කර ගන්නත් උස්බිම්වල ලේවායන් තැනීමට නවීන පොම්ප යොදා ගත හැකිය. ජලය වාෂ්පීකරණය කඩිනම් කර ලුණු වේළා ගැනීම සඳහා සූර්යබල ශක්තියෙන් ක්‍රියා කරන වියළන යන්ත්‍ර හඳුන්වා දියයුතුය.
4. අලිමංකඩ, මන්නාරම වැනි තැන්වල අත් හැරදමා ඇති ලුණු ලේවායන් නවීකරණය කොට, නව පද්ධති හඳුන්වා දී පවත්වා ගෙන යාම ආරම්භ කළ යුතුය. ඒ ස්ථානවල සේවක පුහුණු මධ්‍යස්ථාන ඇති කළ යුතුය.
5. ඒ පෙදෙස් වැසියන් සම්බන්ධ කර ගෙන ප්‍රාදේශීය සමුපකාර ආයතන සංවිධාන කළ යුතුය. යාපනය, හම්බන්තොට, පුත්තලම වැනි තැන්වල අයඩීනකරණය ඇතුළු වෙනත් අගය එකතු කිරීම් සිදු කළ හැකි මධ්‍යස්ථාන ඇති කළයුතුය. කෙළින් ම ආනයනය සඳහා ලුණු සැකැසීමේ විශේෂ මධ්‍යස්ථාන මෙවැනි තැන්වල පිහිටු වීමෙන් ප්‍රවාහන වියදම් අඩු කර ගත හැකිය.
6. රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර බූන්දල වැනි ස්ථාන නැවත ක්‍රියාත්මක කිරීම.
7. වැස්සෙන් වන හානි වළක්වා ගැනීම සැලකිල්ලට ගෙන වැසි ජලය ඉක්මනින් බැස යාමේ පද්ධති ඇති කළ යුතුය. මුහුදු ජලය හා වැසි දිය ගලා විත් ලේයාවන් විනාශ වීම වැළක්වීමට ලුණු වේළීමට උස්බිම් සැකැසිය යුතුය.
8. ලුණු ලේවායන්වල වැඩ කරන ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා විමසා බලා ඔවුන්ගේ ආරක්ෂණය, සුබ සාධනය, පුහුණු වැඩසටහන් ආදිය ඇති කළ යුතුය. රැකියා සඳහා ආරක්ෂිත උපකරණ හඳුන්වා දියයුතුය. වෛද්‍ය රක්ෂණයක් හඳුන්වා දියයුතුය.
_______________________________________
🌍 අපට ආදර්ශයට ගත යුතු ලෝකයේ රටවල් බොහොමයි!
🇮🇳 ඉන්දියාව - ලවණ විප්ලවය පටන් ගත්තේ ගුජරාටි ප්‍රාන්තයෙන්. සුළු පරිමාණයේ කර්මාන්තකරුවන් එක්කොට සමූහ සමුපකාර ක්‍රමයේ ආයතන ස්ථාපිත කර තියෙනවා. සූර්ය වියලනයන් මෙන් ම කඩිනමින් ලුණු නිෂ්පාදනය කළ හැකි උපකරණ හා කාර්යක්ෂම ක්‍රමවේදයන් හඳුන්වා දී තියෙනවා. නිෂ්පාදන ලෝකයට ගෙන යාමට ජාතික සන්නාමයන් පවා හඳුන්වා දී තිබේ. ඒ ප්‍රාන්තයෙන් පමණක් වසරකට ලුණු ටොන් මිලියන 30කට වැඩිය ප්‍රමාණයක් නිෂ්පාදනය කර රටවල් 100කට අධික ගණනකට වාර්ෂිකව අපනයනය කරනවා.
🇧🇩 බංග්ලාදේශය - එරට චිතගොන් ප්‍රාන්තයට අයත් කොක්ස් නගරය (Cox’s Bazar) කේන්ද්‍රය කරනෙයි, ලුණු නිෂ්පාදනය කෙරෙන්නේ. එහි ඇති වෙරළ තීරය ලොව දිගම වෙරළ තීරයන්ගෙන් එකක්. ලුණු නිෂ්පාදනය සඳහා එහි කාන්තා සමුපකාර සමිති පිහිටුවා තියෙනවා. ලුණු නිෂ්පාදනය ජීවන වෘත්තිය කර ගත් පවුල් 60,000කට වඩා එහි ජීවත් වෙනවා. ලුණු නිපදවා පිරිසිදු කර ඊට අගය එකතුකිරීමක් ලෙස අයඩීනකරණය ද ඔවුන් අතින් සිදු කෙරෙනවා. ඒවායේ ප්‍රමිතිය පවත්වා ගෙන යාමට සහය වන ජංගම අයඩීනකරණ රසායනාගාර රජයෙන් ලබා දී තියෙනවා. මෙහි වෙරළ තීරයේ තනා ඇති ලුණු ලේවායන් (salt pans) කාන්තා සමිතිවලට ලබා දීලා ඒවා නඩත්තු කර නිෂ්පාදන කටයුතු කරන්නේ සමුපකාර කාන්තා සමිතියි.
🇻🇳 වියට්නාමය - ලුණු වගාව සඳහා විශ්වාස ය තබා ඇත්තේ ගොවි සංවිධාන මතයි. කාලගුණයෙන් සිදුවන බාධාවලට ඔරොත්තු දෙන ආකාරයට ස්මාට් ලුණු ලේවායන් තනා ගන්නට රජය නොයෙක් අයුරින් ඔවුන්ට උදව් කොට තියෙනවා. ඒ සඳහා කැපවී සිටින ගොවියන් හා ගොවි සංවිධානවල ශ්‍රම දායකත්වයෙන් හා රජයේ ආධාරවලින් තමයි, ජලගැල්මට ඔරොත්තු දෙන ආකාරයට මේ ලේවායන් තනා තියෙන්නේ. මේ ලුණු නිෂ්පාදන දේශීයව හා ජාත්‍යන්තරව අළෙව කරන්න මඟ සකසා දීලා තියෙන්නේත් රජයෙන්.
🇹🇿 ටැන්සනියාව - ලුණු කර්මාන්තය ටැන්සැනියාවේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර වශයෙනි. වෙරළ තීර ආශ්‍රිතව ලවණ උද්‍යාන (salt parks) වශයෙන් මේ ලුණු ලේවායන් රජයේ අධීක්ෂණය යටතේ පුද්ගලික අංශයෙන් උපරිම නිෂ්පාදන ධාරිතාවකින් මෙහෙයවනු ලබනවා. හිඟයක් ඇති විට රජය පාලන මිලක් නියම කොට ක්‍රියාත්මක කරනවා. ඔවුන්ගේ ලුණු නැගෙනහිර අප්‍රිකාවෙන් ඔබ්බේ පිහිටි රටවලට අළෙවි කිරීමටත් එරට රජය මැදිහත් වෙනවා.
🇰🇪 කෙන්යාව - මෙරට ලුණු නිෂ්පාදනය විදේශ ආයෝජන දිරි ගන්වන ව්‍යාපාරයකි. එහි ඇති මාගරිනී ලවණ උද්‍යානය විදේශ ආයෝජන රැසක් ලබා ගෙන සාර්ථකව ක්‍රියාත්මක වන නිදහස් ආයෝජන කලාපයකි. එහි කටයුතු ඇසුරුම් කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන්ට අනුව සිදුවෙයි. හිරු රැසින් ලුණු සිඳ ගැනීමේ ස්වභාවික ක්‍රමය වූ මේ මේ ලුණු ලේවා භාවිතය, පරිසර ආරක්ෂණ වැඩසටහනක් ද ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. එරට පළාත්පාලන ද ඊට මහත් උනනුදුවෙන් එක්වී සිටියි. ඉතා දියුණු තාක්ෂණික ක්‍රම යොදා ගෙන මෙහි කටයුතු සිදුවෙයි.
________________________________________
🔬 ලුණු ලේවායන් හැරුණු විට ලුණු නිපදවන විකල්ප ක්‍රම මොනවාද?
• රික්ත වාෂ්පීකරණ පද්ධති (Vacuum evaporation systems) භාවිත කිරීම, නව තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන විශිෂ්ට පවිත්‍රතා ක්‍රමෝපායයන් යොදා ගැනීම.
• දර හා ජීව වායුව යොදා ගෙන ලෝහ තැටිවල රත් කිරීමෙන් ලුණු සිඳ ගැනීම, ග්‍රාමීය කුඩා කර්මාන්තයක් ලෙස ද භාවිත වෙයි.
• හරිතාගාර වාෂ්පීකරණ ක්‍රමවේදයන් යොදා ගෙන කරන ලුණු නිපදවීමේ ඒකක, වර්ෂාව වැඩි තැන්වල හා කාලවල භාවිතයට සුදුසුය.
• ශ්‍රී ලංකාවේ බිම්ගත ලවණ, ලුණු පාෂාණ වැටි ආදිය සොයා ගෙන නැතත්, සූර්ය බලය, ජීව වායුව හා යාන්ත්‍රිකකරණය යන අංග එකට එක්කර hybrid මෝඩලයක් නගා පාවිච්චියට ගත හැකිය.
________________________________________
🌟 2030 ශ්‍රී ලංකාව – අපේ දැක්ම
• “Pure Lankan Sea Salt” ලෝකය පුරා ප්‍රධාන වෙළඳපොලවලට.
• ලුණු කිලෝවක මිල රු. 100ට වඩා අඩුවෙන්.
• මන්නාරම, හම්බන්තොට, යාපනය ලුණුවලට ප්‍රසිද්ධ නගර ලෙස යළි මතුවීම,
• ලුණු කැටය ශ්‍රී ලංකාවේ ජීවනාළිය පමණක් නොව, ග්‍රාමීය පවුල් 10,000කට වැඩි පිරිසකගේ ජීවනෝපාය බවට පත් කිරීම.
• ලුණු තවදුරටත් පිටරටින් ආනයනය කරන්නක් නොව අපනයන කරන්නක් බවට පත් කි
_______________________________________
💬 අවසන් වචන: අපට සෑදිය හැකි දේ තවදුරටත් ආනයනය නොකරමු රීම.
ලුණු කියන්නේ කෑමක්ම විතරක් නෙමෙයි — එය ජාතික අභිමානයක්! ගරු ගාම්භීර දෙයක්! ගරුත්වයේ සංකේතයක්.
සෑම ජාතියකටම, සෑම රටකටම අත්‍යවශ්‍ය ආර්ථික සමෘද්ධිය කියාපාන්නක්.
ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය, කෙන්යාව, ටැන්සනියාව කළා නම් — අපට කොහොමත් පුළුවන්.
අපට තවත් කතා ඕනෙ නැහැ.
අපට ඕනේ ප්‍රතිසංස්කරණයි! ආයෝජනයයි! අපේ ජාතික අභිමානයයි.
0 Comments