ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට සමාජ මාධ්‍යවල බලපෑම - හොඳද? නරකද?

පවුල් සවිබල ගැන්වීම - අනාගතය සුරැකීම 

අද ලෝකය අධි සම්බන්ධතාවලින් සපිරි එකකි. එහි ඇති සබඳතා ගොඩ නගන ප්‍රබලතම මාධ්‍ය වී ඇත්තේ සමාජ මාධ්‍යයි. මේ සමාජ මාධ්‍ය ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් වූ තරුණයන්ට හා තරුණ ළමයින්ට නව ක්‍රීඩා පිටියකි; පන්ති කාමරයකි; සුවිශේෂ වේදිකාවකි. ඔවුහූ සමාජ මාධ්‍ය තුළ සිනාසෙති; වැඩෙති; උගනිති; අදහස් හුවමාරු කර ගනිති. ඒ වගේම ඒ තුළ දී ඔවුන් ඇද වැටීමට මෙන්ම කඩා ලක්විය හැකිය; අර්බූදවලට මැදි විය හැකිය; නිහඬව වේදනාවට ද පත් විය හැකිය. වෙනත් ඕනෑම බලවත් මෙවලමකින් මෙන්ම මෙයින් ද අනාගතයක් ගොඩ නගා ගතහැකිය. එසේ ම එයින් හානි හා තුවාල සිදුවිය හැකිය. ප්‍රශ්නය වන්නේ එය වැළඳ ගත යුතුද? නැතිනම් ඈත් කළ යුතු ද? යන්න නොවේ. එය නැණවත් අයුරින්, ආරක්ෂා සහිතව, අර්ථවත් ලෙසින් භාවිත කරන්නේ කෙසේ ද? යන්නයි. 


මුලින් ම සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී තරුණ ප්‍රජාවට මුහුණ පාන්නට වන යථාර්ථයන්, අවදානම් තත්වයන් හා යෙදිය යුතු පිළියම් මොනවාදැයි සොයා බැලිය යුතුයි. ඒ සඳහා ඒ පිළිබඳව ඇති දත්ත, ගෝලීය දර්ශකයන්, ශ්‍රි ලංකා පවුල්වල හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රායෝගික භාවිතයන්විමසුමට ලක් කර යුතුය. 

තරුණයන් හා තරුණ ළමයින්ට 

අරමුණක් ඇතිව පමණක් භාවිත කරන්න: “මේක හොඳ එකක් ද? නරක එකක් ද?“ තමන්ගෙන් ම අහන්න. “යම්තම් හරි හොඳ නෑ කියා හිතුණොත්“ කිරීමෙන් වළකින්න. 

සන්සන්දනය කරන්න යන්න එපා!: ඔබට පෙනේනේ බොහෝ විට වෙනත් කෙනකුගේ ජීවිතයේ හොඳ ම මොහොත පමණයි. සම්පූර්ණ කතාව නොවෙයි. 

ඔබ කරන දේ පාලනයක් ඇතුව කරන්න: ඔබ පිටට දෙන හැම දෙයක් ම පාලනයක් ඇතිව කරන්න. නපුරු, විෂ සහිත දේ පසුපස නොයන්න. හොඳ, කරුණාවන්ත දේ පමණක් බාර ගන්න. 

පෝස්ටුවක් පළ කිරීමට පෙර හොඳින් හිතන්න!: අද පළ කරන දෙය හෙට ඔබේ අනාගතය හැඩ කරන්නක් විය යුතුය. ඒ නිසා ඔබේ කතාව පරිස්සම් කර ගන්න. 

සාකච්ඡා කරන්න!: හිතට හැඟුම් බර වූ විට. බරපතල අවේගයක් ඇති වූ විට, තනිව දරා ගන්න හදන්න එපා! කල්‍යාණි මිතුරකු, ගුරුවරයකු, මනෝ උපදේශකයකු සමග ඒ තැන සාකච්ඡා කරන්න. 

බලය කියන්නේ සමබරතාවයි!: සමාජ මාධ්‍යය කියන්නේ මෙවලමක් විතරයි. ඒක ඔබේ අනන්‍යතාව නොවේ. ඒ නිසා එයින් මිදී ක්‍රීඩාවලට, නිර්මාණකරණයට, විනෝදජනක ක්‍රියාවල යෙදීමට කාලය වෙන් කර ගන්න. සමාජ මිතුරන් නොව සැබෑ මිතුරන් අසුරු කරන්න කාලය වෙන් කර ගන්න. 

ලොව පුරා රටවලින් උගත හැකි පාඩම් 

පින්ලන්තය - පෙර පාසල් සමයේ සිට ම ඩිජිටල් කුසලතා හඳුන්වා දෙනු ලැබීය කුඩා අවදියේ සිට ම ඩිජිටල් කුසලතා හඳුන්වා දීමෙන් ගැටළු ඇති වීමට කලින් ඒවාට මුහුණ දීමට ළමයින්ට හැකියාව ඇති විය. 

එක්සත් රාජධානිය - බාලවයස්කාරයන්ට අදාළ පුද්ගලික ආරක්ෂක පනතක් සම්මත කර ගැනීම මගින් ලාභයට වඩා තරුණ ළමයින්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන නීති බලාත්මක කිරීම, 

ඕස්ට්‍රේලියාව - වයස අවුරුදු 16ට අඩු අයට තහනම කිරීම පිණිස නීති සම්මත කර ගැනීම. ඒ මගින් තරුණ අයට මානසිකව ඇති විය හැකි පීඩනයන් වැළැක්වීම. 

නෝර්වේ - තරුණ ළමයින්ට බැලපෑම් ඇති විය හැකි දේ හඳුනා ගැනීමට ලේබල් කිරීම හඳුන්වා දීම. විශේෂයෙන් රූපලාවන්‍යයට අදාළ මිථ්‍යා ප්‍රචාර වැළැක්වීමට නීති සම්පාදනය. 

කැනඩාව - සමාජ මාධ්‍යවලට අදාළව ආචාර ධර්ම හා නිති රීති හඳුන්වා දීම. ඒ මගින් ළමයින්ට පමණක් නොව සියලු දෙනා ම දැනුවත් කරන පුළුල් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම. 

සිංගප්පූරුව - අන්තර්ජාලයේ ගුණාත්මක අංශ කෙරෙහි අවධානය වැඩියෙන් යොමු කිරීමට අවශ්‍ය යෙදවුම් සංවර්ධනය කරවීම. මාපියන්, යෙදවුම් සම්පාදකයන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එක් කරන කණ්ඩායම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම. 

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය 

මේ පිළිබඳ දත්ත හා තොරතුරු එක් රැස් කළ යුතුය. සමාජ මාධ්‍ය භාවිතයේ වර්තමාන තත්වය සොයා බැලිය යුතුය. තරුණයන් හා ළමයින් කොපමණ දෙනෙක් සමාජ මාධ්‍ය භාවිත කරනවාද? එහි ප්‍රතිශතය සමස්ත භාවිතයෙන් කොපමණ ද? තරුණ ප්‍රජාවගෙන් මානසික සෞඛ්‍යයට අදාළ ගැටළුවලට මුහුණ දෙන ප්‍රතිශතය කොපමණ ද? එයින් දැඩි ලෙස චිත්තවේගී තත්වයට මුහුණ දුන් සංඛ්‍යාව කොපමණ ද? සමාජ මාධ්‍ය නිසා ආතතියට පත් සරසවි සිසුන් සංඛ්‍යාව කොපමණ ද? ඔවුන් දිනපතා වට්ස්ඇප් භාවිත කරන පැය ගණන කොපමණ ද? මෙවැනි තොරතුරු එක් රැස් කර ගත හැකි නම් ඒ අනුව ඉලක්ක ගත කණ්ඩායම් සඳහා වැඩසටහන් සැකසිය හැකිය. 

ශ්‍රී ලංකාවේ අපට කළ හැකි දේ 

ශ්‍රී ලංකාව දැනටමත් ප්‍රතිපත්ති සම්පාදනයෙන්, පාසල් මට්ටමින්, මේ සඳහා වැඩ සටහන් ගණනාවක් ම ආරම්භ කර තිබේ. ගෝලීය හවුල්කරුවන්ගේ සහාය ලබා ගනිමින් තිබේ. ශ්‍රී ලංකාවේ පරිපාලනය ඇතුළු සියලු වැඩ කටයුතුවලට ඩිජිටල්කරණය හඳුන්වා දීමට කටයුතු කර තිබේ. එහෙත් මේ වැඩ සටහන් දැනට පවතින තත්වයට වඩා වේගවත් කළ යුතුය. 

තරුණයන්ට හා ළමයින්ට ඔවුන් තිරය භාවිත කරන කාලය සීමා කිරීමෙන් පමණක් මෙයට පිළියම් යෙදිය නොහැකිය. ගැටවරයන් අනාගතය පිළිබඳ මවන සිහිනවලට ආරක්ෂාව දිය යුතුය. ඔවුන්ගේ අනන්‍යතාව පවත්වා ගෙන යාමට ආධාර කළ යුතුය. ඔවුන්ට මානසික ශක්තිය නංවාලීමට පියවර ගත යුතුය. 

මෙහි දී රජය විසින් මූලික වශයෙන් කළ යුත්තේ තරුණ අයට පමණක් නොව, ඔවුන්ගේ ගුරුවරුන්ට හා මවුපියන්ට තම දරුවන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීමට නිශ්චිත මාර්ගෝපදේශ සැපයීමය. 

මෙහි දී ඔබ කොළඹ නගරයේ වෙසෙන මව්පියෙක්ද, යාපනයේ ජීවත්වන දරුවෙක්ද, මාතර සේවය කරන ගුරුවරියක් ද කියා වෙනසක් නොතිබිය යුතුය. ඔබ කවුරුන් වුනත්, කොහේ සිටියත් ඔබට මේ සේවය නොපිරිහෙළා ලැබිය යුතුය. වැදගත් වන්නේ එයයි. 

අපි අපේ තරුණ ප්‍රජාවට, සමාජ මාධ්‍ය හොඳින් තේරුම් ගෙන, ඊට නොබියව මුහුණු දෙන අයුරු කියා දෙමු. ඔවුන්ගේ බලාපොරොත්තු දල්වමු. සමාජ මාධ්‍ය වැඩදායී අයුරින් හසුරුවා ගත හැකි අයුරු කියා දෙමු. 

අන්තර්ජාලය ලෝකයේ අනාගතයයි. එහි ඇති වන වෙනස්කම්වලට, හොඳට හෝ නරකට ඉන් මතුවන අභියෝගවලට මුහුණ දීමට අපට පමණක් නොව මුළු ලෝකයට ම සිදුවී තිබේ. ඒ නිසා ඊට සාර්ථකව, විශ්වාසයෙන් යුතුව, ඊට මුහුණ දී සයිබර් ලෝකය ජය ගත හැකි, අනාගතය යහපත් කර ගත හැකි ශක්තිමත්, තරුණ පරපුරක්, බිහි කර ගැනීමට පියවර ගත යුතුය.

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments