අනුර දිසානායක ජනාධිපතිතුමා එම පදවියට පත්වී මේ වන විට හරියටම අවුරුද්දක් පිරී තිබේ. ඔහු මේ පදවි භාර ගත්තේ අර්බුදකාරී සමයකය. වසර ගණනාවක් තිස්සේ අක්‍රමවත් පාලනයක් යටතේ වැරදි ආර්ථික පිළිවෙත් අනුගමනය කිරීමත්, රටේ ප්‍රමාණික උගතුන්ගේ උපදෙස් නොසලකා හරිමින්, අත්නෝමතික තීන්දු ගැනීමෙන්, රටේ ආර්ථිකයට උහුලන්නට බැරි ණය කන්දක හිර කිරීමෙන් පසු ඊට වගකිව යුතු අවසාන ජනාධිපති වරයා වූ ගෝඨාභය රාජපක්ෂ, උදාවෙමින් පැවති තත්වය දරාගත නොහැකි වූ ජනතාව අරගලයක් කර පන්නා දැමිමෙන් පසු ඇති අරාජික තත්වයකින් පසුව ඇති වූ රනිල් වික්‍රමසිංහගේ ‘නොනගත‘ ආණ්ඩුවේ කල් ඉකුත් වීමෙන් පසුවය. රට බංකොලොත් භාවයට පත් වූ බැව් ප්‍රකාශ කළ පසුවය. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යටත්විජිතව පැවති ලෝකයේ බොහෝ රටවල් නිදහස ලැබීමෙන් පසු අපේ රට උචිත ස්වතන්ත්‍ර පාලනයක් සහිත නව මගකට යොමු නොකොට පැවති පාලන ක්‍රමයම සුළු සුළු වෙනස්කම් කරමින් වසර 76ක් තිස්සේ කර ගෙන ගිය මේ පාලන අටමඟල වෙනස් කරන්නයි අනුර දිසානායක බලය ඉල්ලුවේ. වසර 76ක් තුළ රට පාලනය කළ අයගෙන් වැඩි දෙනකු අප අතර නැත. එහෙත් ඒ දුර්දාන්ත පාලන කාලය තුළ වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍යධූරය දරා ඇති, අමාත්‍යංශ රාශියක් මෙහෙය වූ රනිල් ඒ සඳහා වගකිව යුතු දැනට ජීවතුන් අතර ඇති එකම නායකයා ය. ඒ තනතුරු දරමින් ඔහු කළ කී දෑ නිසාත්, බටලන්ද වැනි වධකාගාර මගින් තරුණයන්ට කළ වද හිංසා ආදියත්, මහ බැංකු මංකොල්ලය වැනි වැරදි නිසාත්, ජනතාව මැතිරණ ගණනාවකින් ම ඔහුව ප්‍රතික්ෂේප කළේ ඔහුත් රටට මේ විපත අත් කර දීමට දායකයකු වූ බව තේරුම් ගත් නිසාය. ඒ නිසා ජනතා කැමැත්ත නැතිව, ඔහු ගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගන්නට ගෝඨාභයගේ කැමත්ත යොදා ගත්තේය.
ඒ අනුව ගෝඨාභය ඉතිරි කළ කාලය තුළ රනිල්ට ජනාධිපති වීමට ඔහු මඟ පාදා දුන්නේය. කලින් මැතිවරණයෙන් රනිල් ඇතුළු එම පක්ෂයේ එකදු මන්ත්‍රීවරයකු ජනතාව මැති සබයට තෝරා පත් කර ගත්තේ නැත. එවන් පසුබිමක රනිල් ජනාධිපති වීම විකෘතියකි. රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් ඒ තැනට පත්වන්නේ ඒ අවස්ථාවේ බලයේ සිටින අග්‍රාමාත්‍යවරයාය. ඒ අනුව ජනාධිපති ධූරයේ වැඩ බැලීමට පත්විය යුත්තේ මහින්ද රාජපක්ෂය. ඒ වෙනුවට ඔහු කල්පනා කළේ අගමැති මහින්ද හා ඇමති මණ්ඩලයට ඉල්ලා අස්වීමට සලස්වා අරගලය සමථයකට පත් කර ගන්නටය. අරගලකරුවන් ඊට එකඟ වූයේ නැත. ඔවුහූ ‘ගෝටා ගෝ හෝම්‘ කියා පටන් ගත් අරගලය දිගට ම ගෙන ගියහ. ඉන්පසු අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වදිද්දී ගෝටා පස්සා දොරෙන් පැන ගියේය. අන්තිමේ දී ඔහු කළේ රනිල් අගමැති ලෙස පත් කිරීමය. ගෝටා ඉල්ලා අස්වීම එව්වේ පිටරටක සැඟවී සිටය. රනිල්ට වැඩබලන ජනාධිපති පදවිය හිමි වූයේ අනතුරුවය. ඊළඟට මැතිසබයේ බහුතර කැමැත්ත ගෙක ගෝටා ගේ ඉතිරි කාලය දිගටම පාලනය ගෙන යන්නට තීරණය කළේය. රටේ මුදල් නැතැයි කියා මැතිවරණ පැවැත්වීම මග හැරියේය. පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවා ඇප මුදල් පවා එකතු කර ගෙන අවසානයේ දී ‘සල්ලි නෑ - ඡන්ද නෑ‘ කියා අඩකට වඩා වියදම් කර අවසානයේ ඡන්දය තිබ්බේ නැත. ඒ සඳහා දුන් අධිකරණ නියෝගය නොසලකා හැරියේය. රනිල් කළේ ‘හුණු වටයේ කතාවේ‘ එන දැල් පාලමේ ගීතය ගයමින් අපට බබා පාට් දැමීමය. බංකොලොත් බව ප්‍රකාශ කොට ණය ගෙවීම අත්හිටුවා දැමූ රනිල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතුවේය.
රනිල් ජනාධිපතිවරයා ඔහුගේ මුක්තියට මුවා වී හිඳගෙන අධිකරණ තීන්දු නොසලකා හරිමින් තම හිතුමතයට කටයුතු කරන්නට පටන් ගත්තේය. නිදසුනක් වශයෙන් පළාත් පාලන ඡන්දය පවත්වන්න මුදල් දෙන්නැයි අධිකරණයෙන් කළ නියෝගය නොසලකා හරින්නට භාණ්ඩාගාරයේ ලේකම් වරයාට බල කළේය. එහිදී අධිකරණයට සිදු වූ අපහාසයට සිර දඬුවම් වීඳීමෙන් ලේකම්වරයා ගැළවුණේ කැඳවූ මුල් අවස්ථාවේ දී ම සමාව ඉල්ලීම නිසාය. එහෙත් රනිල්ගේ කාලයේ සිටි ආගමන විගමන පාලකවරයාට ඒ ආකාරයෙන් ගැලවීමට හැකි වූයේ නැත. ජනාධිපති රනිල්ගෙත්, ඔහුගේ මහජන ආරක්ෂක ඇමතිගේත් බල පෑම මත අධිකරණ නියෝගයක් පැහැර හැරීම නිසා අධිකරණයට සිදු කළ අපහාසයට අවුරුදු තුනකට සිර දඬුවම් විඳින්නට පසුගියදා සිදු විය.
රට පත්ව තිබූ තත්වය ගැන තේරුම් ගත් ඡන්ද දායකයෝ. ඒ ගැන අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස් පිළිගෙන ඔහු ජනාධිපති පදවියට තෝරා ගත්හ.
අනුර රට බාර ගන්නා විට රට බංකොලොත් රාජ්‍යයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේය. රටේ විනය ඉතා පහළ මට්ටමක පැවැතියේය. අල්ලස, දූෂණය, වංචාව, පොදු මහජන දේපළ අවභාවිතය හා නාස්තිය, ඉතා ඉහළ මට්ටමක තිබුණේය. මත්ද්‍රව්‍ය භාවිතය, පාතාල ක්‍රියාකාරම්, නීති විරෝධී ගිනි අවි භාවිත කොට උනුනුන් මරා ගැනීම බහුල විය. අනුර රට බාර ගත්තේ මෙවන් තත්වයක් යටතේය. තමා රට ගෙන යන දිශානතිය පෙන්වන්නට ‘පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්‘ යනුවෙන් මාර්ග සැලැස්මක් ද ඉදිරිපත් කළේය. ඔහු රට බාර ගත්තේ ම මහජන මුදල් සතයකුදු නාස්ති නොකර, විධිමත් ව, විනිවිද භාවයෙන් යුතුව රට පාලනය කරන පොරොන්දුව පිටය.
ඒ වන විට රටට ඔරොත්තු නොදෙන තරම්, 100කට ආසන්න ඇමති මණ්ඩලයක් ආණ්ඩුවට තිබුණේය. පවුලේ නෑ හිතවතුන් මැති ඇමතින්ගේ කාර්ය මණ්ඩලයට බඳවා ගෙන මුදල් නාස්තියක් සිදුවිණ. අමාත්‍යාංශ අනවශ්‍ය ලෙස බෙදා වෙන් කොට පුද්ගලයන් පින වීමේ පරිපාලනයක් පැවතියේය. ඒ තත්වය මුළුමනින් ම වෙනස් කර අමාත්‍යාංශ ගණන 25කට අඩු කරන බවට අනුර පොරොන්දු විය. ඒ අනුව අමාත්‍යාංශ 21ක් සඳහා කැබිනට් ඇමතිවරුන් 21 ක් හා නියෝජ්‍ය ඇමතිවරුන් 29ක් පත් කළේය. රාජ්‍ය අමාත්‍ය පදවි අහෝසි කළේය.
අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල පවත්නා අකාර්ෂයක්ෂමතාව, පරිපාලන දුර්වලතා මග හරවා ගනිමින් නාස්තිය නවතා දැමීමට පියවර ගත්තේය. ජනාධිපති කාර්යාලයේ හා අමාත්‍යාංශවල ඇති සුඛෝපභෝගී වාහන සියල්ල වෙන්දේසි කිරීමට තීරණය කොට, අතිරික්ත වාහන දෙපාර්තමේන්තු හා රාජය ආයතන අතර බෙදා දුන්නේය. රට පත්ව ඇති තත්වය වෙනස් කරන්නටත්, රට යායුතු නිසි මගට ගැනීමටත්, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමත්, නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වීමත් අත්‍යවශ්‍ය වන නිසා ඔහු බලයට පත් වූ වහාම ඊට අවශ්‍ය පියවර ගත්තේය. අධිකරණයේ හා පොලිසියේ කටයුතු ස්වාධීනව කර ගෙන යාමට ඉඩ සලසා දුන්නේය. කලින් පැවති ආකාරයේ දේශපාලන ඇඟිලි ගැසීම් සහමුලින් ම නවතා දැම්මේය. වසර ගණනාවක් තිස්සේ නොසලකා හරිමින් යන, මහ මග ආරක්ෂාව සඳහා ඇති නීති රීතිවලට සෑම විට ම අනුගතව කටයුතු කිරීමටත් ඒවාට ගරු කිරිමටත්, මහජනතාව පොලඹවීමට වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. නීතිය හැමට එක හා සමානව ක්‍රියාත්මක වන පෙන්වීමට එමගින් අවස්ථාව පාදා ගෙන ඇත. ඒ බව දැක්වෙන නඩු තීන්දු කීපයක් ම පසුගියදා අධිකරණය විසින් දෙනු ලැබීය. රජයේ මුදල් අවභාවිත කිරීම හා දූෂණයට අදාළව හිටපු මැති ඇමතිවරුන් හා සංස්ථා සභාපතිවරුන් වසර 20, 25 බැගින් සිරදඬුවම් නියම කෙරිණ. වෙනෙකක් තබා හිටපු ජනාධිපතිවරයාත් පොදු දේපල අවභාවිතය යටතේ එවැනි චෝදනාවක් ඉදිරිපත් කර අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබීය. පාර්ලිමේන්තු පනතක් මගින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ කලත්‍රයන්ට දී ඇති විශ්‍රාම වැටුප්, විශේෂ දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීමට පියවර ගත්තේය. එසේ ම මන්ත්‍රීවරුනට පිරි නැමුණු විශ්‍රාම වැටුප් හා දීමනා ආහෝසි කිරීමටත් පියවර ගත්තේය. රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම්, ඉකුත් ආණ්ඩුවලින් සිදු කළාට වඩා සාර්ථකව ඉටු කරන බව පෙනේ. විදෙස් රටවල සිට මෙහි මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීම මෙහෙයවන, එසේ ම පාතාල ක්‍රියාකාරකම් සිදු කරවන ශ්‍රී ලාංකික චුදිතයන් ගණනාවක් විදෙස් රටවල සහයෙන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙනවුත් ඒවා මඬින්න සාධනීය පියවරක් ගෙන තිබේ. තවත් එවැනි අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා රතු වරෙන්තු ලබා ගෙන තිබේ. රැකියා සඳහා රටින් පිටත වෙසෙන සංක්‍රමණික පුද්ගලයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරනු සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට කැබිනට් අනුමැතිය දී ඇති අතර ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත්කර ඇත. ප්‍රජාශක්ති ජාතික නමින් සමාජ ආරක්ෂණ අරමුදලක් ආරම්භ කිරීම. බංකොලොත් වීම නිසා අරමුදල් සපයා ගත නොහැකිව අතරමග නවතා දමා තිබූ සියලු ම ව්‍යාපෘතිවල වැඩ දැන් ඉලක්ක දින සහිත ආරම්භ කර තිබේ. රටපුරා කර්මාන්ත පුර ඇති කිරීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබේ. දුම්රියත්, විදුලියත් වඩාත් කාර්යක්ෂම ජනතාවට වඩා ඵලදායී සේවා බවට පත් කිරීමට සැලසුම් දියත් කර තිබේ.
පුද්ගලයන් සඳහා වාර්ෂික බදු නිදහස් සීමාව රු. ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට මැතිවරණයේ දී පොරොන්දුවක් දුන්නද, එම බදු සීමාව වැඩි කර ඇත්තේ වාර්ෂික ලක්ෂ 18ක් දක්වා පමණි.
රජයට අයත් අනු ව්‍යාපාර ලෙස පවත්වා ගෙන 500කට අධික සමාගම් අතුරින් භාණ්ඩාගාරයට මෙතෙක් බරක්ව තිබූ ආයතනවවලින් 33ක් මේ වන විට ඈවර කර ඇත. ඒ සමාගම් බොහොමයක් පවත්වා ගෙන ගොස් ඇත්තේ සැබෑ උවමනාවන් අනුව නොවේ. නිදසුනක් වශයෙන් ඒෂියන් ගේම්ස්, කොමන්වෙල්ත් හම්බන්තොට ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම දැක්විය හැකිය. ඒ මුදල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුතුන්ගේ උවමනාවට රජයේ අරමුදල් භාවිත ගැනීමටත්, හිතවතුන්ට හා ඤාතින්ට තනතුරු දීමට අටවා ඒවා මිස ඒවාට අදාළව කිසිදු ක්‍රියාවක් ඉටුකර නැත. එවැනි ‘සුදු අලි‘ තවත් සිය ගණනක් ඇති අතර ඒවා ද විමර්ශනයට ලක් කොට වසා දමන්නට හෝ පාඩු ලබන ඒවා පුද්ගලික සමාගම්වලට විකුණා දමන්නට පියවර ගන්නා බව කියා තිබේ. වසරක් තුළ දී ඉටු කර ඇති පොරොන්දු ගැන සෑහීමකට පත් විය හැකි බව පොහෝ දෙනා ගේ මතයි. අර්ධ වශයෙන් සම්පූර්ණ කළ ඒවා රැසක් ඇත.
රට ඉදිරියට ගෙන යාමට ඇති බාධක සියල්ල ම පාහේ ඉවත් කර ගෙන තිබේ. ඒ අනුව වසර ගණනාවක් තිස්සේ සිදුවූ අක්‍රමිකතා, අපයෝජනයන්, අවභාවිතාවන් හා දූෂණ වළක්වා පිරිසුදු පාලනයක් හා මහජන සේවයක් සැලසිය හැකි වන ලකුණු පහළ වී තිබේ. වසරක් තිස්සේ අනුරගෙන් ඉටු වූ කාර්යයන්වල විශාල ප්‍රගතියක් හා සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. ඒ නිසා අනුර විශිෂ්ට සාමර්ථයක් ලබා පාස් වී ඇතැයි කිව හැක.
අනුර පේල් වී ඇත්තේ විරුද්ධ පක්ෂයේ නායකයා වූ සජිත් ප්‍රේමදාස හා ඔහුගේ හෙංචයියනුත් සර්ව ජනබලවේගයේ නායක දිලිත් ජයවීරත්, නාමල් රාජපක්ෂත්, කියන දේ නොකිරීම අතිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන විධියට ආණ්ඩුවක් තියෙන බවක් පෙනෙන්නේ නැත. ඒ අනුවත් අනුර පේල්ය. රට අවුරුදු ගණනාවක් කළ, රට ‘බේරා ගත්‘ ඒ අසාහය නායකයාට දැනෙන යමක් නොකිරීම අතිනුත් අනුර පේල්ය.
රනිල් වික්‍රමසිංහ ඇතුළු පරාජිත පක්ෂ නායකයන් කියන විධියට අනුව රට පාලනයේ දී අනුර ව්‍යවස්ථාපිත ඒකාධිපති පාලනයක් ගෙන යයි. අප දන්නා විධියට ජනාධිපති පදවිය ඒකාධිපති ස්වරූපයකින් රට තුළ ගෙන පාලනය ගියේ රනිල් වික්‍රමසිංහත් ඔහුගේ මාමා වූ ජේ. ආර්. ජයවර්ධනත් පමණි. අපට නම් අනුර මහජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින්, මහජන සේවය අවංකව ඉටු කරමින්, කටයුතු කරන සොඳුරු ආඥාදායකයෙකි.
අනුරගේ වසරක ප්‍රගතිය දැක්වෙන ‘පැතිකඩ‘ වැඩ සටහන පහතින් නරඹන්න!
සිරස රූපවාහිනියේ විකාශය කෙරෙන ඉතා සාර්ථක කාලීන වැඩසටහනක් වූ, ‘පැතිකඩ‘ ඔස්සේ රසවත්, බුද්ධිමත්, සංවාද මාලාවක් සතියේ දිනවල දවස ආරම්භයේ දී ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ ප්‍රයුංජක අසෝක ඩයස් ය.
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය ආණ්ඩුව අනුර දිසානායක ජනාධිපතිතුමා අතට පත් වී අවුරුද්දක් ගෙවෙන මේ මොහොතේ මෙතෙක් ගමන පිළිබඳ කෙටි සංවාදයක් ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම්වරයා වූ ටියුලින් සිල්වා සමඟ ‘පැතිකඩ‘ ඔස්සේ අසෝක ඩයස් කළ ඒ වීඩියෝ සාකච්ඡාව පහත දිගුවෙන් ඔබට බාගත කළ හැකිය.https://www.youtube.com pathikada with tulin silva
0 Comments