NARA සහ ශ්‍රී ලංකාවේ සාගර අනාගතය: සාගර සිතියම් හරහා ජයග්‍රාහී මාර්ගය සොයාගනිමු

📅 මාර්තු 20, 2025 

ශ්‍රී ලංකාව දිවයිනකි. ඒ අවට ඇති මුහුදු ප්‍රදේශය 517,000 km² තරම් වූ විශාල වූ අතිරේක ආර්ථික කලාපයක් (EEZ) ශ්‍රී ලංකාව සතුව ඇත. එහි ගොඩබිම් භූමි ප්‍රමාණයට වඩා 8.5 ගුණයක සාගර 🌊. කලාපයක් තිබේ. මේ සාගර කලාපය, ජලය මාළු, ඛනිජ සහ විකල්ප බලශක්ති මූලාශ්‍රයන්ගෙන් පිරී පවති. එහෙත් එහි ඇති සම්පත් සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීමක් තවමත් සිදුවී නැත. 

🔬 නාරා (NARA) යන කෙටි නමින් හැඳින්වෙන, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම සාගර පර්යේෂණ කටයුතු සඳහා වූ රාජ්‍යායතනයයි. නමුත්, එයින් සිදුවන කාර්යභාරය ප්‍රමාණවත්ද? ලෝකයේ 🤔 සාගර තාක්ෂණය වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයකදී, ශ්‍රී ලංකාව, සාගර සිතියම් ගත කිරීම නව්‍යකරණය, නීතිවිරෝධී මත්ස්‍ය කර්මාන්තය අවම කිරීම සහ ඩොලර් බිලියන ගණනක ආර්ථික වටිනාකමක් දොරටු විවර කර ගැනීම සඳහා නොපමාව ක්‍රියාකළ යුතු අවස්ථාව දැන් එළඹ තිබේ. 


📌 ප්‍රශ්නය මෙයයි: ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම රටවල්වලින් පාඩම් උගෙන සාගර සම්පත්වලින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගත හැකිද? 🌟 

අපි විමසා බලමු: නෝර්වේ, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දුනීසියාව වැනි රටවල් සාගර සිතියම් භාවිතයෙන් ආර්ථිකය විප්ලවීය ලෙස වෙනස් කරගත්තේ කෙසේද? 🚀 

📍 අද වන විට නාරා (NARA) ආයතනය සිටින්නේ කුමන තත්වයකද? 

දැනට ළඟා කර ගෙන ඇති ප්‍රගතිය: 

🔹 ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ මුහුදු පත්ල සිතියම්ගත කිරීමේ ව්‍යාපෘති කිහිපයක් සිදු කෙරිණ. 🗺️ 
🔹 ප්‍රධාන මත්ස්‍ය භූමි සහ පවතින කොරල් පර පරිසරයන් හඳුනාගෙන ඇත. 🐠 
🔹 සාගර දූෂණය සහ වෙරළ ඛාදනය නිරීක්ෂණය කර ඇත 🏝️ 

අභියෝග සහ අසමත්වීම්: 

⚠️ ශ්‍රී ලංකාවේ EEZ එකෙන් සවිස්තරාත්මකව සිතියම් ගත කර ඇත්තේ 15% ක් පමණි. 📉 
⚠️ අරමුදල් හිඟය සහ යල්පිනූ උපකරණ නිසා පර්යේෂණ කටයුතු මන්දගාමී වී ඇත ⚙️ 
⚠️ අදාළ විවිධ ආයතන අතර සහයෝගීතාව දුබල වීම නිසා කාර්යක්ෂමතාව පහත වැටී ඇත 🏛️ 
⚠️ නීතිවිරෝධී, වාර්තා නොකෙරෙන සහ නියාමනය නොවන (IUU) ධීවර කර්මාන්තය නිසා ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 180 කට අධික මුදලක් අහිමි වෙයි. 💸 

💡 ශ්‍රී ලංකාවට නීල ආර්ථිකයක් (BLUE ECONOMY) සහිත බල වේගයක් බවට පත්විය හැකි විභවයක් ඇත. එහෙත් ඒ සඳහා වඩාත් ක්‍රමවත් සාගර සිතියම් ගත කිරීමක් හා සක්‍රිය යහ පාලනයක් අවශ්‍යයි. ඒ වගේ ම ඒ අතින් වඩාත් සාර්ථක වූ රටවල ක්‍රමෝපායයන් හැදෑරීම අවශ්‍යය. 

🌎 ලෝකයේ හොඳම උදාහරණ: 

නෝර්වේ: ඩොලර් බිලියන 10 ක ධීවර කර්මාන්තයක් 🎣 

ඔවුන් ඒ දෙය ඉටුකර ගත් අයුරු: 

📡 100% සාගර පත්ල සිතියම් ගත කිරීම සඳහා කිමිදුම් ඩ්‍රෝන යානා හා සෝනාර් තාක්ෂණය භාවිත කිරීම. 
🚢 සෑම ධීවර යාත්‍රාවක්ම එසැණ නිරීක්ෂණය කළ හැකි යාත්‍රා අවේක්ෂණ පද්ධති (VMS) හඳුන්වාදීම 
💰 ලෝකයේ අංක 1 මුහුදු ආහාර (seafood) අපනයන රටක් බවට පත්වෙමින් ඩොලර් බිලියන 10ක ධීවර කර්මාන්තයක් ගොඩ නැඟීම. 

ඉන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දේ: 

✔️ නීතිවිරෝධී ධීවර කර්මාන්තය වැළක්වීමට චන්ද්‍රිකා තාක්ෂණික ක්‍රම (satellite tracking) හඳුන්වාදීම සඳහා ආයෝජනය කළ යුතුය 📡 
✔️ ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදු පත්ල සිතියම් ගත කිරීමට ස්වයංක්‍රීය කිමිදුම් යානා Autonomous underwater vehicles (AUVs) භාවිත කළ යුතුය. 🚀 
✔️ රජයේ සහ පෞද්ගලික ආයතනවල හවුල්කාරිත්වය ඇති කළ යුතුය 🤝 

🌟 මේ අනුව අවුරුදු 5 ක් තුළ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන 50% කින් වැඩි කළ හැක! 🚢 

ජපානය: කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත මත්ස්‍ය කර්මාන්තය 🏆 

ඔවුන් ඒ දෙය ඉටුකර ගත් අයුරු

🤖 AI සහ Big Data ක්‍රම භාවිතයෙන් මත්ස්‍ය සංක්‍රමණ මාර්ග අනාවරණය කර ගැනීම 📊 
🐟 ආරක්ෂිත සාගර ප්‍රදේශ Marine Protected Areas (MPAs) හඳුන්වාදී මත්ස්‍ය ගහනය වර්ධනය කර ගැනීමට ඉඩ සැලසීම. 

ඉන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දේ: 

✔️ කෘත්‍රිම බුද්ධි භාවිත මත්ස්‍ය ගහන විශ්ලේෂණ (AI-driven fish stock analysis) ක්‍රියාවලියක් භාවිත කළ යුතුය 🤖 
✔️ මත්ස්‍ය සම්පත වර්ධනය කිරීමට කෘත්‍රිම කොරල් පර (artificial reefs) පද්ධති සෑදිය යුතුය 🌊 
✔️ ආරක්ෂිත සාගර ප්‍රදේශ (MPAs) ස්ථාපිත කොට සාගර ජෛව විවිධත්වය නංවා ලිය යුතුය. 🏝️ 

🌟 දශකයක් තුළ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත 40% කින් වැඩි කළ හැක! 📈 

ඕස්ට්‍රේලියාව: අධි තාක්ෂණික ක්‍රම භාවිත සාගර සිතියම් ගත කිරීම 🗺️ 

ඔවුන් ඒ දෙය ඉටුකර ගත් අයුරු: 

📡 ලීඩාර් LiDAR සහ බහු කදම්බ සෝනාර් multi-beam sonar යොදා සමස්ත වෙරළ තීරය සිතියම් ගත කිරීම. 
🌿 සමුද්‍ර ඛාදනය හා පරිසර පද්ධති විනාශ වීම වැළැක්වීමට වෙරළබඩ සාගර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාවට නැංවීම. 
 🛑 සාගර සංරක්ෂණය සඳහා කාලගුණික ප්‍රතිස්ථාපිත ක්‍රමෝපායයන් (climate resilience strategy) සංවර්ධනය කළ යුතුය. 

ඉන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දේ: 

✔️ LiDAR තාක්ෂණය මගින් කොරල් පර පරිසරයේ නිරෝගීතාව ආවේක්ෂණය කළ යුතුය.🪸 
✔️ අරමුදල් හා විශේෂඥ දැනුම ලබා ගැනීම පිණිස අන්තර්ජාතික පර්යේෂණායතන සමඟ සහයෝගීතාවන් ඇති කර ගත යුතුය 🌎 

🌟 ඉදිරි වසර 20 තුළ, ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම: $1 බිලියනක පරිසර ආර්ථික හානි වළක්වාගත හැකිය! 🔬 

කැනඩාව: ආර්ථික සංවර්ධනය සඳහා සාගර පාලනය යොදා ගැනීම 💰 

ඔවුන් ඒ දෙය ඉටුකර ගත් අයුරු: 

⚖️ ධීවර කර්මාන්තය, නාවුක ගමනාගමනය හා සංචාරක කර්මාන්තය විධිමත් කිරීම සඳහා සාගර අවකාශය සැලසුම් කිරීම Marine Spatial Planning (MSP) පිණිස කාල රාමුවක් සැකසීම. 🚢 
🔍 සියලු සාගර ආශ්‍රිත ක්‍රියාවලීන් සම්බන්ධීකරණයට ජාතික සාගර ප්‍රතිපත්තියක් පිහිටුවීම. 🏛️ 

ඉන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දේ: 

✔️ සාගරාශ්‍රිත සියලු ක්‍රියාකාරකම් පාලනය විධිමත් කිරීමට ජාතික සාගර ප්‍රතිපත්තියක් පිහිටුවීම. 🏛️ 
✔️ ධීවර කර්මාන්තය, සාගර සංරක්ෂණය හා සංචාරක කර්මාන්තය සමතුලිත කිරීමට සාගර අවකාශ සැලැස්මක් සැකසීම. 📍 
✔️ සාගර පර්යේෂණ කටයුතු පුළුල් කිරීම සඳහා එක්සත් ජාතීන් හා අන්තර්ජාතික අරමුදල්වල ආධාර සඳහා අයැදුම් කිරීම. 🌍 

🌟 ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම: $ බිලියන 5 වටිනා තිරසාර සාගරික කර්මාන්ත පද්ධතියක් (sustainable ocean industries) බිහි කර ගත හැකිය! 💵 

ඉන්දුනීසියාව: නීතිවිරෝධී ධීවර කර්මාන්තයට එරෙහි සටන ජය ගැනීම 🚔 

ඔවුන් ඒ දෙය ඉටුකර ගත් අයුරු: 

🌍 Google Global Fishing Watch (ගුගල් ගෝලීය ධීවර නිරීක්ෂණය) සමඟ එක්ව ආක්‍රමණික යාත්‍රා එසැණ අල්ලා ගැනීම. 
📊 ඩිජිටල් ආවේක්ෂණ (digital monitoring) ක්‍රියාවලියක් සඳහා e-Fisheries Portal එකක් හඳුන්වාදීම.
 ‍🚢වසර පහක් තුළ නීතිවිරෝධී ධීවර කටයුතු 75%කින් අඩු කර ගැනීම. 

ඉන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි දේ: 

✔️ සියලු ධිවර යාත්‍රා එසැණ හසුකර ගත හැකි e-Fisheries ආවේක්ෂණ පද්ධතියක් පිහිටුවීම. 📡 
✔️ ගූගල් වැනි තාක්ෂණික යෝධයන් හා එක්ව චන්ද්‍රිකා තාක්ෂණ ආවේක්ෂණ ක්‍රියාවලියක් දියත් කිරීම. 🌍 ✔️ නීතිවිරෝධී ධීවර ආක්‍රමණ වැළැක්විමට සාමුද්‍රික නිති පද්ධතිය ශක්තිමත් කර බලාත්මක කිරීම. 🚔 

🌟 ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම: නීතිවිරෝධීව කෙරෙන ධීවර කටයුතුවලින්, වසරක් පාසා අහිමි වන $180M වටිනා මත්ස්‍ය කර්මාන්තය ආපසු ලබාගත හැක! 💰 

🚀 ශ්‍රී ලංකාව සඳහා වන 2025-2030 ක්‍රියාමාර්ග සිතියම 

📌 ශ්‍රී ලංකාවේ සාගර කටයුතු ජයග්‍රාහී මාවතකට සාර්ථකව යොමු කිරීමට ගතයුතු ප්‍රධාන පියවර: 🟢 2025 - කෘත්‍රිම බුද්ධිය (AI) මගින් මත්ස්‍ය සංක්‍රමණය නිරීක්ෂණය කිරීම. 

🟢 2026 - ශ්‍රී ලංකා ධිවර යාත්‍රා සඳහා ආවේක්ෂණ පද්ධතියක් Vessel Monitoring System (VMS) හඳුන්වාදීම. 🟢 2027 - අන්තර්ජාතික සාගර අරමුදල්වලින් ඩොලර් මිලියන 500ක් ලබා ගැනීම 

🟢 2028 - ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂිත කලාපය (MPAs) පුළුල් කිරීම. 

🟢 2029 - ධීවර දත්ත සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කර e-Fisheries පද්ධතිය ශක්තිමත් කිරීම 

🟢 2030 - 517,000 km² ක් වූ සම්පූර්ණ අතිරේක ආර්ථික කලාපය (EEZ) ලීඩාර් LiDAR සහ බහු කදම්බ සෝනාර් multi-beam sonar යොදා ගෙන මුළුමනින් ම සිතියම් ගත කිරීම.🗺️ 

🌊 අනාගතය: නීල ආර්ථිකයක් "Blue Economy" කරා! 🚀 

ශ්‍රී ලංකාවේ සාගර සම්පත මෙතෙක් ස්පර්ශ නොකළ මහා ධන නිධානයකි. 💎 නිවැරදිව සිදු කෙරෙන, ආයෝජනවලින්, තාක්ෂණික කටයුතුවලින්, හා ප්‍රශස්ත පාලනයකින් ශ්‍රී ලංකාව ලෝකයේ නීල ආර්ථික බලවතෙක් බවට පත් කළ හැකිය. 🌊. 

ඉලක්කය පැහැදිලිය: 2030 දී නාරා ආයතනය ඇතුළු ශ්‍රී ලංකාව අවට සමුද්‍ර හා ධීවර කටයුතුවලට වගකිවයුතු ආයතන සියල්ල එක්ව, මනා සහයෝගයකින් ක්‍රියා කළහොත් ශ්‍රී ලංකාවේ අවට සාගර සම්පත තුළින් ඩොලර් බිලියන 10ක කර්මාන්තයක් බවට පත් කර ගත හැකිය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, තිරසර පරිසර පැවැත්ම, ජාතික ආරක්ෂාව ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගෙන යාම අවශ්‍යය. 🚀 

💬 දැන් ප්‍රශ්නය - ශ්‍රී ලංකාව මේ මහා පියවර තබන්න සූදානම් ද? යන්නයි 🤔 

🌟 සාගරය අප දෙස බලා සිටියි. එහි උපරිම ඵල නෙලා ගැනීමට දොරගුලු හරිමුද! 🌊✨

අදහසක් පළ කරන්න (COMMENTS)

0 Comments